සුසිරිත ලංකර දුසිරිත පාකර
හදකෙත ගුණයෙන් සරු කරමු
මා පිය ගුරුවර සිප්හල පන්සල
සැම හා එක්වී රට රකිමු
කුමාර විදුහල අලුත්වැවේ
කුමර කුමරියන් අනුරපුරේ
මවෙක් පියෙක්ගේ දුවෙක් පුතෙක් නම්
උපන්න භූමිය සම්පත අපනම්.....//
රට දැය නංවන සිත ගත හුරු කොට
ශිල්ප ලබා යමු දියුණුව දින දින.....//
සුසිරිත ලංකර.....
මිනිස්කමේ ගුණ දැනයෙන් සිහිකර
ශාන්ත මෙත් සිත් හද තුළ වඩවා......//
ළමාවියෙන් පසු රජ මාවතකට
පිය මැන යමු රජ දරුවෝ වගේ......//






