1961 මාර්තු මස එම්.ධර්ම තිලක් මහතා ග්‍රා.ම.සමිතියේ නව සභාපති වශයෙන් පත්විය.පසු ශ්‍රී සුදර්ශනාරාමයේ කුමාර විද්‍යාලය නමින් ළදරු පාසලක් ආරම්භ විය.1862 ආරභයේ සිට මොරගොඩ අලුත්වැව ගම් වාසීන් සහ ශ්‍රාවස්තිවත්ත ගම් වාසීන් දෙපිලකට මෙහිදී ළදරු පාසල් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.
ඇස්.පියදාස මහතා අලුත්වැව ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු සභාපති වීමෙන් පසු එවකට පැවති ආර්.ඩී.සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජයට මෙම තත්වය දැන්වීය.
මෙම පාසැල් දෙකම එකක් සේ පවත්වන ලෙස රජයෙන් උපදෙස් ලැබුණි.ළදරු පාසල ක්‍රමයෙන් ග්‍රාම සංවර්ධන සමිතිය මගින් පවත්වාගෙන යන පාසලක් බවට පත්විය.
එවකට මෙම විද්‍යාලයේ එච්.එම්.බිසෝ මැණිකේ මහත්මිය ,පී.හාමි මහත්මිය සහ ඒ.පී.සුමනාවතී මහත්මිය ආචාර්යමණ්ඩලය විය.මෙම පාසල සම්භන්ධව ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු නිළධාරි මණ්ඩලය විසින් දක්වන ලද නොමසුරු උනන්දුව නිසා එය රජයට පවරා ගැණීමට නිර්ණය විය.1964.01.28 වන දින මෙම පාසල රජයට පවරා ගැනීමට තීරණය කෙරිණි.
එවකට ග්‍රාම සංවර්ධන සමිතියේ නිලධාරී මණ්ඩලය මෙසේ විය.ගරු අනුශාසක ටී.බී.ජේ.විතාරන මහතා , සභාපති ඇස්.පියදාස මහතා , ලේඛම් ජී.ඇම්. ජයතිලක මහතා , භාන්ඩාගාරික ඩබ්ලිව්.එච්.අභේරත්න මහතා , කාරක සභික ආර්.ඩී.සිරිසේන , එම්.ඇල්බට් , කේ.බී.නිකවැට , කේ.ඇම්.ප්‍රේමචන්ද , ඇම්.ඇස්.කේ.පුංචි බණ්ඩා යන මහත්වරුන්ය.
1964.01.28 වන දින පාසල රජයට පවරා ගැනීමේ උත්සවය ලඟා වීමත් සමගම ඇතිවී තිබූ අසමගිකම් නැතිවී සියලු දෙනාම එකසේ උනනදුවෙන් ක්‍රියාත්මක විය.
මෙදින් පෙරවරු 10.00 ට පමණ අනුරාධපුර පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.බී.රත්නායක මහතා , කලාවැව ආර්.බී.රත්න මහතා සහ උත්තර මන්ත්‍රී කේ.බී.කේ.තිලකරත්න මහතා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාසල රජයට පවරා ගැනීම සිදුවිය.
දිස්ත්‍රික්කයේ ප්‍රධාන නිළධාරීන් රාශියක්ද උත්සවට සහභාගී වූහ.මෙහිතිබූ තාවකාලික ගොඩනැගිල්ලට අමතරව තවත් ගොඩනැගිල්ලක අත්තිවාරම් ග්‍රාමසංවර්ධන සමිතියේ නිලධාරී මහත්වරු සහ සාමාජික පිරිස එක්වී සකස් කළ පසු අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පළමුවන ස්ථිර ශාලාව ඉදිකරන ලදී.මෙවකට විදුහල්පතිවරයා පීරිස් මහතා විය.
|
ආරම්භ කළ වර්ෂය |
1964 ජනවාරි 28 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
පීරිස් මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
පීරිස් මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අ/අලුත්වැව කුමාර මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1964 ජනවාරි 28 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
අලුත්වැව , අනුරාධපුර |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1964 ජනවාරි 28 |






